76 වන නිදහස් දින සැමරුමට සමගාමීව තවලම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ආශීර්වාදා බෝධි පූජාව හා දහවල් සංඝගත දක්ෂිණාව පිරිනැමීම 2024.02.08 හා 09 යන දිනයන්හි කාර්යාල පරිශ්රයේදී පැවැත්වේ. මෙම අවස්ථා සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා..

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තවලම ප්රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කල “නාද නූපා“ නර්තන ප්‍රසංගය ප්‍රාදේශීය ලේකම් නිලූකා සූරියාරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2023.11.15 වන අද දින පැවැත්විණි.
තවලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලායතන නියෝජනය කරන නර්තන ශිල්පීන් ශිල්පිනියන් ඉදිරිපත් කල උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තන අංග වලින් මෙම ප්‍රසංගය වර්ණවත් විය.
මෙම ප්‍රාසාංගිත අත්දැකීම විඳගැනීම සඳහා පාසල් දරැ දැරියන්, කලායත සිසු දරු දැරියන් සහ ගුරුවරුන්, සංස්කෘතික බල මණ්ඩලය නියෝජනය කරන මහත්ම මහත්මීන්, දෙමාපියන් සහ කාර්යාලය නිලදාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.









උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වන වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව මෙම වැඩසටහන 2023.12.04 දින තවලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ග්‍රාම නිලධාරී වසමක ස්ථිර පදිංචිය ඇති, ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින, උප්පැන්න සහතිකයක් නොමැතිකම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති, වයස අවුරුදු 40ට වැඩි ශ්රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.

ප්රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2023.10.27 දින තවලම ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


































