උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වන වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. 


ඒ අනුව මෙම වැඩසටහන 2023.12.04 දින තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ග්‍රාම නිලධාරී වසමක ස්ථිර පදිංචිය ඇති, ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින, උප්පැන්න සහතිකයක් නොමැතිකම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති, වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.

WhatsApp Image 2023 11 30 at 12.02.56 PM

News & Events

Scroll To Top