ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. කාර්යාලයීය කාර්යයන්

  2. ජාතික හැඳුනුම්පත සම්බන්ධ කටයුතු

  3. ආදායම් සහතික නිකුත් කිරීම

  4. ව්‍යාපාර නාම ලියාපදිංචිය

  5. විදුලිය සැපයීම සම්බන්ධ කටයුතු

  6. සමථ මණ්ඩල කටයුතු

  7. දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම

  8. තුවක්කු බලපත්‍ර නිකුත් කිරීම

  9. මීරා සහ මත්පැන් සඳහා බලපත්‍ර

  10. ග්‍රාම නිලධාරී පැමිණිලි පිටපත් නිකුත් කිරීම

  11. රණවිරුවන් සම්බන්ධ රාජකාරී

  12. ගව සම්පත ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

සමාජ සේවා අංශය

දැක්ම

සමාජ සංවර්ධන කටයුතු වලදී අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගීත්වය දිරි ගැන්වීම සහ පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම.

ප්‍රධාන කාර්යයන්
  1. මහජන ආධාර

  2. රෝග ආධාර

  3. ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා ආධාර කිරීම

  4. රජයේ ආයතන සඳහා ආධාර

  5. විහාරස්ථාන සඳහා පරිත්‍යාග

  6. කලාකරුවන් සඳහා පරිත්‍යාග

  7. නිවාස ආධාර

  8. විවිධ සහනාධාර ලබා දීම

  9. වියළි භාණ්ඩ පරිත්යාග කිරීම

  10. ජනාධිපති අරමුදලින් ආධාර

  11. ස්වාභාවික ආපදා පරිත්‍යාග

  12. නියං සහනාධාර

  13. ගංවතුර සහනාධාර

  14. සමෘද්ධි සහනාධාර

  15. පෝෂණ ආධාර

  16. කිරි දීමනා

  17. සමාජ සංවර්ධන ආධාර

  18. සිප්දොර ශිෂ්යත්ව ආධාර

  19. සෙවිලි තහඩු ආධාර

  20. උපකරණ ආධාර (රෝද පුටු, ඇස් කණ්නාඩි)

 

>>  සමාජසේවා දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට

>>  දකුණු පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුවට පිවිසීමට

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම

  2. ව්‍යාපෘතිවල ප්රගතිය ඇගයීම

  3. PMCS යාවත්කාලීන කිරීම

  4. කොට්ඨාශයේ සම්පත් පැතිකඩ පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම

>>  ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට

>>  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සැලසුම් අංශයට පිවිසීමට

ඉඩම් අංශය

දැක්ම කොට්ඨාශයේ භූමිය සහ එහි පිහිටි ගහ කොළ ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයට මනාව උපයොගී කර ගැනීම.
ප්‍රධාන කාර්යයන්

1. ඉඩම් අත්කර ගැනීම

 2. දිගුකාලීන බදු යටතේ රජයේ ඉඩම් ලබා දීම. පරිත්යාග හා අවලංගු කිරීම

 3. ඉඩම් ආදායම් එකතු කිරීම

 4. සමීක්ෂණ රෙගුලාසි යැවීම

 5. ඉඩම් බැහැර කිරීම

      ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීම

      ** ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීම

      ** ඉඩම් ප්රතිසංස්කරණ විශේෂ විධිවිධාන යටතේ ඉඩම් බැහැර කිරීම

6. ඉවත් කළ රජයේ ඉඩම් සඳහා නෛතික හිමිකම් ඔප්පු නිකුත් කිරීම

      ** රන්බිම දීමනා ලබා දීම

      ** ගැලපීම් සඳහා වූ කටයුතු

      ** මධ්‍යම ප්‍රාන්තික පදානයන්

      ** ඉඩම් හදිසි ආඥාපනත යටතේ නොමිලේ ප්‍රධාන

7. දිගුකාලීන කල්බදු බලපත්‍ර නිකුත් කිරීම

      ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීමනා ලබාදීම

      ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ විශේෂ දීමනා නිකුත් කිරීම

      ** ඔටුන්න හිමි ඉඩම් පරිශ්රය පරිත්යාග කිරීම

      ** රාජ්‍ය ඉඩම් ආඥාපනත යටතේ නියෝගය

      ** රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් නිදහස් කිරීම

 

 කොට්ඨාශයේ ඉඩම් පරිහරණ සිතියම බලා ගැනීමට Click කරන්න

>>  ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට 

>>  දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. සමීක්ෂණ මණ්ඩල පැවැත්වීම
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම

 

>>  මුදල් අමාත්‍යාංශය වෙත පිවිසීමට

>>  දකුණු පළාත් භාණ්ඩාගාරය වෙත පිවිසීමට

රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

>>  රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට පිවිසීමට

රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව (RGD) - දකුණු කලාප කාර්යාලය - ගාල්ල                     දුරකථන අංකය - +94912224581 (සහකාර රෙජිස්ට්රාර් ජනරාල් ඒ.එම්.සී. එස්.කේ. අමරකෝන්)

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

>>  විශ්‍රාම වැටුප් සම්බන්ධ කරුණු සඳහා මාර්ගෝපදේශය වෙත පිවිසීමට ක්ලික් කරන්න.

>>  විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් බැලීම සදහා ක්ලික් කරන්න.

>>  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට

 

News & Events

Scroll To Top