ගාල්ල පරිපාලන දිස්ත්රික්කයට අයත් සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල මසකට වරක් පැවැත්වෙන ප්රාදේශීය ලේකම් සාකච්ඡාව මෙවර අප ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2023.10.03 වන දින පැවැත්විය. මෙම සාකච්ඡාව සඳහා ගාල්ල දිස්ත්රික් ලේකම්තුමා ඇතුළු අනෙකුත් ප්රාදේශීය ලේකම්වරු, සහකාර ප්රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්රිකයට අනුයුක්ත මාණ්ඩලික නිලධාරින් රැසක් සහභාගී විය.

'



























'








තවලම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ලෝක ළමා දිනයට සමගාමී ළමා පා ගමන හා ළමා ප්රාසාංගික නිර්මාණ ප්රදර්ශනය.















2023.09.13 දින තවලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී අනවසර ඉඩම් බුක්ති විදිමින් සිටින කොට්ටාශයේ පුද්ගලයන් 210 ක් සදහා බලපත්ර , දීමනාපත්ර ප්රධානය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මේ සදහා ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු සම්පත් අතුකෝරළ මැතිතුමා, දකුණු පළාත් ඉඩම් කොමසාරිස්තුමා , නියෝජ්ය ඉඩම් කොමසාරිස්තුමා, සහකාර ඉඩම් කොමසාරිස්තුමා, ප්රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු පිරිසක් සහභාගී විය.







2023.09.15 දින පනංගල උතුර, පනංගල බටහිර , පනංගල නැගෙනහිර , එප්පල, කොරලේගම හා ගල්ලන්දල යන වසම් කේන්ද්රකොටගෙන ගමින් ගමට ජනතා සේවය නමින් ජංගම සේවා වැඩසටහනක් සාර්ථකව ක්රියාත්මක විය.
තවලම ප්රාදේශීය ලේකම් නිලූකා සූරියආරච්චි මැතිතුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ජංගම සේවා වැඩසටහන් මාලාවේ 8 වන වැඩසටහන ලෙස වසම්වල ග්රාම නිලදාරී, ආර්ථික සංවර්ධන නිලදාරී, සමෘද්ධි සංවර්ධන නිලදාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඇතුළු ග්රාමීය පුනර්ජීවන කමිටුවේ සාමාජිකයින්ගේ සංවිධානයෙන් පනංගල සණස සමිති ශාලාවේ සාර්ථකව සිදු කරන ලදී.තවලම ප්රාදේශීය ලේකම් නිලූකා සූරියආරච්චි මැතිතුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ජංගම සේවා වැඩසටහන් මාලාවේ 8 වන වැඩසටහන ලෙස වසම්වල ග්රාම නිලදාරී, ආර්ථික සංවර්ධන නිලදාරී, සමෘද්ධි සංවර්ධන නිලදාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඇතුළු ග්රාමීය පුනර්ජීවන කමිටුවේ සාමාජිකයින්ගේ සංවිධානයෙන් පනංගල සණස සමිති ශාලාවේ සාර්ථකව සිදු කරන ලදී.
රජයේ ඉඩම් කලමනාකරණය, ජාතික හැදුනුම්පත් සැකසීම, උපත්, මරණ, විවාහ සහතික නිකුත් කිරීම, කල්ගිය උපත් මරණ ලියා පදිංචි කිරීම, කල්ගිය විවාහ ලියාපදිංචි කිරීම, වැඩිහිටි හැදුනුම්පත් සැකසීම, රැකියා මාර්ගෝපදේශන, සමාජ සේවා කටයුතු ඇතුළු ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටුවන සේවා හා බටහිර වෛද්ය සායනය - බෝ නොවන රෝග සායනය, දේශීය සෞඛ්ය සායනය ද මීට ඇතුලත් විය.
ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පනංගල බටහිර පූර්වාරාම විහාරස්ථානයේ හා පනංගල ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිවරුන්ගේ සහයෝගයෙන් හා අනුශාසකත්වයෙන්, හිනිඳුම පොලිස් ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය, වෛද්ය තුමා ඇතුළු හිනිඳුම රෝහල් කාර්ය මණ්ඩලය, ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීතුමා ඇතුළු නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම වසම්වල ජනතාව වෙනුවෙන් මහජන සේවාවන් රැසක් මෙදින ඉටු කල හැකි විය. මෙම ජංගම සේවා වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ප්රදේශවාසීන්ගේ සහයෝගය ද ලැබුණි.








































