ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස උපුල් ප්‍රියංකර දහනායක මැතිතුමන් අද (2025.07.14) දින වැඩ භාර ගැනීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි වූහ.



තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනංගල උතුර ග්‍රාම නිළධාරි වසමේ පදිංචි පී.ඩබ්. නිහාල් රත්නසූරිය මහතාට සමෘද්ධි රන්විමන නිවාස වැඩසටහන 2024 යටතේ ඉදිකළ ස්ථිර නිවාසය ඔහු වෙත ලබා දීම තවලම ප්‍රාදේශීය ලේකම් නිලූකා සූරියආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.01.03 දින සිදු කරන ලදි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තවේ හා දකුණු පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි තවලම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතියේ සමාජ සංවර්ධන සහකාර නිලධාරී හා පනංගල උතුර ග්‍රාම නිලධාරී මැදිහත්වීමෙන් මෙම නිවස ඉදි කරන ලදී.මෙම අවස්ථාව සදහා තවලම ප්‍රාදේශීය ලේකම් නිලූකා සූරියආච්චි මැතිණිය, හිනිදුම සමෘද්ධි බැංකු කළමනාකරු, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, පනංගල උතුර ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුඵ රාජ්‍ය නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්විය.








තවලම කොට්ඨාසයේ 2025 වර්ෂයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පවල් සඳහා උපකරණ බෙදා දීම සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. මධුභාෂිණී මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.06.23 වන දින සිදු කරන ලදි. මේ යටතේ පනන්ගල නැගෙනහිර, තලංගල්ල හා වීරපාන දකුණ වසම්වල තෝරාගත් පවුල් සඳහා උපකරණ බෙදා දීම සිදු කරන ලදි.

කාර්යක්ෂම හා ඵලදායී මහජන සේවයක් සැපයීම මූලික අරමුණ කරගනිමින් 2025 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කිරීම තවලම ප්‍රාදේශීය ලේකම් නිලූකා එල්. සූරියආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව Clean Sri Lanka වැඩසටහනට සමගාමීව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලදි. ඉන් අනතුරුව වැඩමවා වදාල මහා සංඝරත්නය විසින් ආගමික චාරිත්‍ර ඉටු කිරීම හා සෙත් පිරිත් දේශනා කිරීම සිදු කරන ලදි. කාර්යාලීය සියලුම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
























